ඔබත් යමක් පැහැදිලිව විස්තර කර දීමට හැකියාව ඇති, තමන් සතු දැනුමෙන් අන් අයට ප්රයෝජනයක් ගෙන දීමට කැමැත්තක් දක්වන අයෙක් නම් ගුරු වෘත්තියට හොඳින් ගැලපෙන පුද්ගලයෙකි. මතකයේ තබා ගතයුතු යුතු කරුණ නම් යමෙකුට ඉගැන්වීම සඳහා වෘත්තියෙන් ගුරුවරයෙකු වීමට අවශ්ය නොවන බවයි. තමන් සතු දැනුම සරලව, හොඳින් තවකෙකුට විස්තර කර දීමේ හැකියාව ඇත්නම් ඔබත් සාර්ථක ගුරුවරයෙකු වීම සඳහා භාග්ය ඇති පුද්ගලයෙකි. වර්තමානයේ ඇති ප්රධාන ගැටලුවක් වන්නේ සාම්ප්රදායික විෂය පථයන්ට අමතරව තමන් සතු දෙයක් අන් කෙනෙකුට ඉගැන්වීමේදී එම අවශ්යතාව ඇති පිරිස හඳුනා ගැනීමට ඇති අපහසුවයි. Edumind අපි ඒ සඳහා ඔබට සහාය වීමට කැමැත්තෙමු. සාම්ප්රදායික tution හා online teaching ක්රමවේදය වෙනුවට අපි ඔබට online courses මගින් ඉගැන්වීම් ක්රමවේදය හඳුන්වා දෙන්නේ එබැවිනි.
මෙහිදී online class එකකට වඩා online courses මගින් ඉගැන්වීමෙන් සැලකිය යුතු වාසි රාශියක් ගුරුවරුන් හා සිසුන් යන දෙපිරිසටම හිමි වෙනු ඇත. Edumind අපි ඔබට හඳුන්වා දෙන්නේ online classes වලින් ඔබ්බට ගිය නවමු අත්දැකීමකි. Online classes කරගෙන යැමේදී ඔබට හා සිසුන් හට මුහුණ දීමට සිදුවන ප්රධාන ගැටලුවක් වන්නේ කාලය කලමනාකරණය කර ගැනිමේ දී සිදුවන අපහසුතායි. නමුදු online courses මගින් මෙම ගැටලුව ඉතාම පහසුවෙන් විසඳාගැනීමට හැකියාව ලැබේ. උදාහරණයක් වශයෙන් ඔබට පහසු වෙලාවක් තෝරාගෙන online courses නිර්මාණය කල පසු සිසුන්ට තමන්ගේ රුචිකත්වය අනූව කැමති වේලාවක් තෝරාගෙන ඉගෙන ගැනීමට අවස්ථාව සැලසේ. Online courses මගින් ඉගැන්වීම් කටයුතු කරගෙන යෑමේදී ඔබට එක් වරක් පමණක් මහන්සි වී courses නිර්මාණය කල හැකි අතර, සැලකිය යුතු කාලයක් කිසිදු මහන්සියකින් තොරව එම පාඨමාලාව සඳහා සැලකිය යුතු පිරිසක් බඳවා ගැනීමට හැකියාව ලැබේ. කාර්යබහුල ජීවිතයක් ගතකරන ඔබට මෙය ඉතා පහසු ක්රමවේදයක් නොවේද? මීට අමතරව, online courses වලින් අමතර ආදායම් මාර්ගයක් සකස් කර ගන්නා අතරම සුපුරුදු පරිදි ඔබගේ අනෙකුත් tution classes කරගෙන යාමේ හැකියාව ද පවතී. තවද ඉතාම වැදගත් කරුණක් වන්නේ ඔබ දැනටමත් ගුරුවරයෙක් ලෙස සේවය කරන්නේ නම් එම අදාල නිබන්ධන සහ ප්රශ්න පත්ර ඒ අයුරින්ම මෙම online courses වලදී ද භාවිතා කිරීමට හැකියාව ලැබීමයි.
Online courses නිර්මාණය කිරීමෙන් පසු එම courses සිසුන් වෙත හඳුන්වා දීමේ ක්රමවේදයක් Edumind අපි නිර්මාණය කර ඇත්තෙමු. ඔබේ පාඨමාලා සිසුන් මිලදී ගත් පසු අදාළ මුදල් ඔබ විසින් නම් කරන ලද ගිණුමට බැර කිරීමට ද කටයුතු යොදා ඇත. ඔබ මීට පෙර කිසිදු online course එකක් නිර්මාණය කර නොමැති හෝ ඒ පිළිබඳව කිසිදු දැනුමක් හෝ නොමැති අයෙක් වුවත් ඒ පිළිබඳව පසුතැවීමට අවශ්ය නොවේ. Edumind අපි ඒ සඳහා ඔබට අවශ්ය සියලුම දැනුම සහ සම්පත් ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් සිටින බව සතුටින් දැනුම් දෙන්නෙමු.