Edumind වෙතින් ඔබට ලබාගත හැකි ආදායම් පිළිබඳව අදහසක් ලබාගැනීම පිණිස මෙම කොටස හොඳින් අධ්යයන කරන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Edumind හි course එකක් පළ කිරීම සඳහා ඔබෙන් කිසිදු මුදලක් අය නොකරයි. ඔබගේ පාඨමාලාවේ අලෙවිකරණ කටයුතු හා තාක්ෂණික කටයුතු සියල්ලම Edumind අපි ඔබ වෙනුවෙන් සිදු කරගෙන යන්නෙමු. එක් පාඨමාලාවක ගාස්තුව රුපියල් 1450 ක් ලෙස පවත්වාගෙන යාමට අප දැනට තිරණය කර ඇත. මින් රුපියල් 250 ක මුදලක් වෙබ් අඩවිය පවත්වාගෙන යෑම සඳහා අවශ්ය තාක්ෂණික කටයුතු සිදු කරගෙන යාමට වෙන් කල යුතු වේ.
ඒ අනුව එක් පාඨමාලාවක වටිනාකම රුපියල් 1200 ක් ලෙස අපට සදහන් කල හැකිය. මෙම වටිනාකමින් 60% ක ප්රමාණයක් ගුරුවරයාට වෙන් කර ඇති අතර 40% ක ප්රමාණයක් Edumind ආයතනයට වෙන් කිරීමට අප තීරණය කර ඇත්තෙමු. Edumind ආයතනය වෙත වෙන් කර ඇති 40% ක ප්රමාණයෙන් වෙළෙඳ දැන්වීම් සඳහා යන වියදම, රජයේ බදු, සේවක වැටුප් ගෙවීම්, සන්නිවේදන කටයුතු සඳහා වැය වන වියදම් වැනි වියදම් රාශියක් අප හට දරා ගැනීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
ඒ අනුව,
පාඨමාලාවක වටිනාකම = 1200
ගුරුවරයාගේ කොටස = 60%
එක සිසුවෙක් පාඨමාලාවක් මිලදී ගත් පසු ගුරුවරයාට ලැබන ආදායම = 1200 × 60% = 720
අපගේ උත්සාහය එක් පාඨමාලාවක් සඳහා අවම වශයෙන් සිසුන් 300 ක් ආකර්ෂණය කර ගැනීමයි.
ඒ අනුව සිසුන් 300 ක ගෙන් ගුරුවරයාට ලැබෙන ආදායම = 720 × 300 = 216,000
මෙම ආදායම හුදෙක් ඉලක්ක ගත ආදායමක් වන අතර ඔබගේ ඉගැන්වීමේ හැකියාව, උගන්වන විෂය පථය අනූව වාර්තාගත ලෙස ඉහළ යා හැකි බව මතකයේ තනාගන්න.
මීට අමතරව අප විසින් ගුරුවරයෙකුගේ ඉහත ප්රකාශ කරන
ලද ඉලක්ක ගත ආදායම තහවරු කිරීම සඳහා coupon හා referral codes භාවිතා කරන්නෙමු. මේ
මගින් referral codes හෝ coupon භාවිතා කර course එකක් මිලදී ගත් විට අදාළ ශිෂ්යයාට 10% ක
වට්ටමක් හිමි වන අතර ගුරුවරයාගේ කොටස 60% සිට 70% දක්වා ඉහළ යනු ලබයි. Edumind වෙත
ලැබෙන ප්රමාණය 30% 20% දක්වා අඩු වෙයි.
ඒ අනුව coupon හෝ referral codes භාවිතා කල පසු
Course එකක නව මිල = 1450 × 90% = 1350
ගුරුවරයාට ලැබෙන නව මුදල = 1200 × 70% = 840
මෙසේ සිසුන් වෙත වට්ටම් ලබා දීම මගින් සිසුන් පාඨමාලා මිලදී ගැනීමට පොළඹවන අතර එමගින් ගුරුවරයාගේ ආදායම් මාර්ගය ඉහළ දැමීමට අප නිරන්තරයෙන් උත්සාහ දරන්නෙමු.